ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවතට ...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර තිබේ.