ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සමග පැවති සාකච්ජාවේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා එන්නත්කරණ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම මැදිහත්වී දැක්වූ දායකත්වයත්, සෞඛ්‍ය-ආරක්ෂක අංශ සහයෝගයෙන් අභියෝගයට මුහුණ දීමත් ශ්‍රී ලංකාවේ එන්නත්කරන වැඩසටහන සාර්ථක වීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍ර වල දියුණුවට අදාල කරුණු කිහිපයක්ද සාකච්ජාවට බදුන්වූ අතර අනෙක් රටවල එන්නත්කරණය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකානු අත්දැකීම් බෙදා ගන්නා ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා ආරාධනය කළේය. ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතාද මෙම අවස්ථාවට එක් විය.