අධිභාර පනත් කෙටුම්පතින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් දහතුනක් ඉවත් කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (03) පෙරවරුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සමග කම්කරු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී ය.
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යනු මෙරට වැඩකරන ජනතාවගේ ශක්තිය බවත් එහි පැවැත්මට විවිධ අවස්ථාවල විවිධ බාධක එල්ල වී ඇති බවත් ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමේ පියවර ද වැඩකරන ජනතාව තේරුම් ගත්තේ එම අරමුදල් විනාශ කිරීමට ගත් පියවරක් ලෙසයි. ඒ අනුව මෙරට වැඩකරන ජනතාව දැඩිව කියා සිටියේ අධිභාර පනතින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඉවත් කරන ලෙසයි.
අමාත්‍යවරයා කියා සිටියේ වැඩ කරන ජනතාවගේ එම සාධාරණ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් අධිභාර පනත් කෙටුම්පතින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඉවත් කිරීම පිළිබඳව කම්කරු අමාත්‍යවරයා ලෙස තමන් ද අතිශයින්ම සතුටට පත්වන බවයි.
වත්මන් රජය වැඩ කරන ජනතා හඬට ඇහුම්කන් දෙන රජයක් බව අධිභාර පනත් කෙටුම්පත වෙනස් කිරීමට ගත් මෙම තීරණය තුළින් පැහැදිලි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන අති විශාල පිරිසකගේ ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට අත්වැලක් වන සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආරක්ෂා කිරීම සඳහා රජයට කරුණු පෙන්වා දී, අධිභාර පනතින් මෙම අරමුදල් දෙක ඉවත් කරවීමට කටයුතු කිරීම පිළිබඳව එම වෘත්තීය සමිති නියෝජිත පිරිස විසින් කම්කරු අමාත්‍යවරයාට සිය ස්තුතිය ද පළ කරන ලදි.