අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, නැලිගම ශ්‍රී ශෛලාසනාරාමයේ පැවති ගම්පහ දිස්ත්‍රික් ජෝතීර්වේදීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට එක්වෙමිනි.
බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව පාරම්පරික වෙදකම හා බැදුණු ජොතිෂ්‍ය නැකැත් ශාස්ත්‍රය ඇතුළු අනෙකුත් සම්ප්‍රදායන් සුරක්ෂිත කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමෙන් සංවිධානාත්මක ව්‍යූහයක් ගොඩනැගීමේ අරමුණෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර එම වැඩපිළිවෙලේ සමාරම්භය ගම්පහ දිස්ත්‍රික්කයේ නැලිගම ශ්‍රී ශෛලාසනාරාම විහාරස්ථානයේදී ජොතිර්වේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා;
අපේ නැකැත් ශාස්ත්‍රය ජොතිර්වේදය තුළ තිබෙන්නේ ස්වභාවධර්මයේ ක්‍රියාදාමයයි. චන්ද්‍රයා, සූර්යයා හා අනෙකුත් ග්‍රහයින් අතර තිබෙන ආකර්ශනයන් එය අප සියලුදෙනාට බලපානවා. ජෝතිර්වේදය එක් වේදයක්. එනම් විද්‍යාවක්. ඉගෙනුම් ශාස්ත්‍රයක්.එය ස්වභාදහම හා බැදුණු ආකාශ වස්තූන් මත ගොඩනැගුණු ගණනය කිරීමක්. විද්‍යාත්මක පදනමක්. නමුත් බටහිර මතවාද කරපින්නාගත් මිනිසුන් මේ සම්ප්‍රදායන්ට නිගරු කරනවා. ඇත්තෙන්ම ඔබතුමන්ලා ඉතා දියුණු විද්‍යාවක කොටස්කරුවන්. එනිසා අප ඔබ ඒකරාශී කරලීමෙන් සංවිධානාත්මක වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා. සටන් පෙරමුණක් තිබූ විටයි අරගල සාර්ථක වන්නේ. හුදකලා සටන් ලෝක ඉතිහාසයේ නමගිය සටන් බවට පත්වෙන්නේ නෑ. ඕනම කටයුත්තක් සමාජ ව්‍යාපාරයක් බවට පත්වෙන්නේ අදාල සමාජ බලවේග වල එකතුවෙන්.
දේශීය වෙදකමයි ජෝතිර්වේදයයි එකට බද්ධ වෙලා තිබෙන්නේ. මේ සදහා පදනම වෙන්නේ ස්වභාවධර්මය. ඒ වගේම බුදු දහම හා අපේ දේශීය වෙදකමයි. සමහර බටහිර මතවාදීන් මේවා මිත්‍යාවන් ලෙස සලකනවා. නමුත් මේවා අපේ සම්ප්‍රදායන් හා බැදුණු සමාජ මූලයන්.
දේශීය වෙදකමින් බොහෝ දේ ජෝතිෂ්‍ය නැකැත් ශාස්ත්‍රය සමග බැදී පවතිනවා. නැකත යනු සුභ මොහොතයි. සුභ මොහොත ගණනය කරනු ලබන වේදයක්. අපේ කුසල අකුසල දහම මත සංසාර ගමන හා බද්ධ වන්නක්. අතීතයේ සිට පැවත එන මෙම සියලු දැනුම් පද්ධති එක් කර හෙළ වෙදකමේ ආශ්චර්යය නැවත උදාකරලීමට අප පියවර ගන්නවා. ඒ තුළින් දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කළ හැකි වෙනවා. ඒ සදහා සියලුදෙනා සහයෝගය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.