ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති සහ ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිත ෆෙඩරිකෝ විලෙගාස් මහතා සමඟ පැලේ ඩෙ නෂියොන්හි දී පැවති හමුවකදී, ශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ