පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමහ විහාරාධිපති, උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක, අතිගෞරවාර්හ උඩගම ශ්‍රී ධම්මානන්ද ස්වාමීන්වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය හා විශේෂ තිළිණයක් අතිගෞරවාර්හ උඩගම ශ්‍රී ධම්මානන්ද අනු නායක ස්වාමීන්වහන්සේට පිළිගැන්නුවේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුනායක ස්වාමීන්වහන්සේට විජිනිපත පිරිනැමූ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිස අටපිරිකර පුජා කළහ. උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර වැඩබලන මහනායක ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නායක ස්වාමීන්වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක මහෝපාධ්‍ය අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම අනු නායක ස්වාමීන්වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ඇත්කඳ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ