රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා ( මාර්තු 04) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව වයඹ නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා වෙත භාර දීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව ආඥාපතිවරයා විසින් පැළයක් ද රෝපණය කරන ලදී.
තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා වෙත වයඹ නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.