විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත බැත්ෂෙබා නෙල් ක්‍රොකර් මහත්මිය, එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත සයිමන් මෑන්ලි මහතා, ඉරානයේ නිත්‍ය නියෝජිත එස්මයිල් බ්ගායි හමානේ මහතා සහ ඉරානයේ අධිකරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය කසන් ගරිබබාඩි මහතා හමුවී සාකච්ඡා පැවැත්වී ය.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු ද විදේශ අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.