ලවණ මිශ්‍ර ජලයෙන් ගොවිතැන් කිරීම සහ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවීම නිසා දීර්ඝ කාලයක සිට මාතර ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. නියං සමයේ නිල්වලා ගඟේ ජල මට්ටම පහත වැටීම නිසා මුහුදු ජලය ගඟට ගලායාමමෙම ගැටලුව පැන නැගීමට හේතුවී ඇත. මෙම ගැටලුවට විසඳුමක් දෙමින් නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමට ජලසම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මාතර ජලසම්පාදන ක්‍රමයේ
සිව්වන අදියර සඳහා රුපියල් මිලියන 18,208 ක් වෙන්කර ඇති අතර එහි එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ඉදිකෙරෙමින් පවතින ලවණ බාධකය නිසා වගා බිම්වලට හානි සිදුවේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී (04) පැවැත්විණි.
ලවණ බාධකයේ ඉදිකිරීම් නිසා ගොවි ජනතාවට දැනට සිදුවී ඇති සහ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මෙන්ම සාම්ප්‍රදායික දැනුම උපයෝගීකර ගනිමින් ගොවි බිම්වලට සිදුවන හානිය තවදුරටත් අවම කර ගනිමින් ලවණ බාධකය ඉදිකළ යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ගොවි ජනතාවගේ ඉල්ලීම් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කොට එළඹෙන බදාදා (09) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සියලු පාර්ශ්ව එක්ව නැවත සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ද එකඟතාවයෙන් හා වගාබිම්වලට ඇතිවන ගංවතුර හානිය අවම වන ආකාරයට ලවණ බාධකය ඉදිකිරීමට යෝජනා විය.
සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක සහ ලේඛකාධිකාරී පූජ්‍යපාද ඕමාරේ කස්සප නාහිමිපාණන්වහන්සේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, දකුණු පළාත් ආණ්ඩුකාරවර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලසම්පාදන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය හා අදාළ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.