පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    සඳහිරු සෑ අටවිසි බුද්ධ ප්‍රතිමා නා උයනේ සිට අනුරාධපුරයට වැඩම කෙරේ

    මාර්තු 05, 2022

    සඳහිරු සෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28 ක් රැගත් ආගමික පෙරහැර (මාර්තු 4) දින උදැසන මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයෙන් ගමන් ආරම්භ කරන ලදී.

    පූජනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලා, දඹුල්ල සහ මිහින්තලය පසුකරමින් අනුරාධපුර පූජා නගරයේ පිහිටි සඳහිරු සෑ පරිශ්‍රය වෙත ළඟාවිය.

    මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහිරු සෑ පරිශ්‍රයේ තැන්පත් කිරීමේ පිංකම (මාර්තු 5) දින උදැසන 08.30 සිට අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

    නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට මෙම ආගමික පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ පිංකමට එක්වෙමින් ජෙනරල් ගුණරත්න, සඳහිරු සෑයේ සලපතල මළුව, බුද්ධ මන්ධිරය සහ මෙම අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහා පුජ්‍ය අඟුල්ගමුවේ ආරියනන්ද හිමියන් විසින් ලබාදුන් අනුපමේය දායකත්වය සිහිපත් කරන ලදී.

    සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සමන්විත සඳහිරු සෑ බුද්ධ මන්දිරයේ තැන්පත් මුද්‍රා පහකින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස නිරාවරණය කිරීමද හෙට දිනයේදී සිදුවන බව ජෙනරල් ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya