අනුරාධපුර පූජා භූමියේ ඉදි වූ සඳහිරු සෑ චෛත්‍ය පුදබිමේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරවීමේ සහ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා නිරාවරණය කිරීමේ මහෝත්සවය අද (05) පෙරවරුවේ පැවැත්විණ.
ඊයේ (04) මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරහැරකින් මෙම ස්ථානයට වැඩම කර, ඊයේ සන්ධ්‍යාවේ දී සඳහිරු සෑ ස්තූපය ඉදිරිපිට සලපතල මළුවේ තාවකාලිකව තැන්පත් කරන ලදී.
අද උදෑසන අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහා සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද , මුද්‍රා පහකින් යුත් බුද්ධ ප්‍රතිමා නිරාවරණය කර අභිනවයෙන් ඉදි වූ බුද්ධ මන්දිරය විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව සිටියහ.