පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    සාම්ප්‍රදායික කුඹල් කර්මාන්තකරුවන්ට ද්‍රව්‍යමය ආධාර

    මාර්තු 07, 2022

    2021 සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොත හා ඇලප්පන්කුළම ගම්මානයන්හී කුඹල් කර්මාන්තකරුවන්ට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර බෙදා දීම රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොත හා ඇලප්පන්කුළම ගම්මානයන්හී තෝරා ගත් කුඹල් කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් සිදු කිරීමට අවශ්‍යය වැඩ මඩුවක් සකස් කර ගැනීම සඳහා ද්‍රව්‍යමය ආධාර බෙදා දීම මෙහිදී සිදු විය.

    ඒ අනුව වැඩමඩුව සකස් කිරීමට අවශ්‍යය ඇස්බැස්ටෝ සෙවිලි ෂීට්, සිමෙන්ති කණු, සිමෙන්ති, වැලි, මැටල් ආදී රුපියල් ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ එක් ප්‍රථිලාභියකුට ලැබෙන සේ ප්‍රථිලාභීන් 27 දෙනෙකු වෙත බෙදා දීම සිදු විය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

    එම ගම්මානයේ කර්මාන්තකරුවන්ට දීර්ඝ කාළයක පටන් පැවති අවශ්‍යයතාවක් වූ වැඩමඩුවක් ඉදි කිරීමට අවශ්‍යය භාණ්ඩ මේ ලෙස බෙදා දිම සිදු විය.මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන සකපොරු ඇතුළු උපකරණ තබා ගැනීමට හා නිෂ්පාදනය කරන මැටි භාණ්ඩ අව්-වැසි වලින් බේරාගෙන අසුරා ගැනීමට වැඩමඩුවක් බෙහෙවින් උපකාර වන බව කර්මාන්තකරුවන් එහිදී පෙන්වා දුන්හ.

    රාජ්‍ය  අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදනයන් සිදු කිරීමේදි පවතින ගැටලු එහිදී විමසා සිටි අතර,ප්‍රායෝගික නොවන අණ පනත් හා නීතී නිසා සාම්ප්‍රදායික තමන්ට අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මුහුණ දීමට සිදු වන බාධාවන් සම්බන්ධයෙන්ද එහිදී කර්මාන්තකරුවන් අමාත්‍යයතුමන්ට කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන් අතර, ඊට ක්ෂණික විසදුම් ලබා දෙමින් අමාත්‍යයතුමන් කර්මාන්තකරුවන්ට අවශ්‍යය මැටි ලබා ගැනීමට ගම්මානයේ හා අවට පවතින වැව් වලින් සුදුසු මැටි පස් ලබා ගැනීමට හා ප්‍රවාහනයට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමට අවශ්‍යය කටයුතු කර දෙන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

    කුසලතා සහ උනන්දුවක් ඇති කණ්ඩායම් සඳහා ශක්තියක් වෙමින් ඔවුන්ට අවශ්‍යය පහසුකම් සැපයීම තුළින් ඔවුන් නගා සිටුවීම හා ප්‍රථිලාභීන්ට නිෂ්පාදන සිදු කිරීමේදී පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විසදුම් ලබා දී, නිෂ්පාදනයන්හි ගුණාත්මක බව වර්ධනය කර නිෂ්පාදනයන්ට නිසි වෙළදපළක්ද නිර්මාණය කරදී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.අනතුරුව අමාත්‍යයතුමන් කර්මාන්තකරුව්න්ගේ නිමි මැටි භාණ්ඩ මෙන්ම ඔවුන්ගේ කර්මාන්තය සිදු කරන ආකාරයන්ද නිරීක්ෂණය කරනු ලැබීය.

    මෙම අවස්ථාවට මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සරත් ඉලංගසිංහ, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුලු රාජ්‍යය නිළධාරීන් සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya