මුහුදු කූඩැල්ලන් වගාව හා මුහුදු පැළෑටි වගාව ආදි ජලජීවි වගාව සඳහා උතුරේ ජනතාව දැඩි උනන්දුවක් දක්වන නිසා එම ප්‍රදේශවල මෙම වගා කටයුතු වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (03) ධීවර අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ක්ෂේත්‍ර පිළිබදව විශේෂඥයින් මෙන්ම අමාත්‍යංශ නිලධාරින් සහභාගි වු අතර එහිදි මුහුදු කූඩැල්ලන් වගාවට ඇගිල්ලන් ලබා ගැනීම වෙනුවෙන් විලෙයිතුඩුවායි ප්‍රදේශයේ පිහිටුවා ඇති මුහුදු කූඩැල්ලන් අභිඡනන මධ්‍යස්ථානයේ ධාරිතාව පුළුල් කිරීමටත් ඉස්සන් හා මුහුදු පැලෑටි වගාවට අවශ්‍ය ඇගිල්ලන් හා මුහුදු පැලෑටි අවශ්‍ය ප්‍රමාණයට ලබා තිබීමට පහසුකම් සළසන ලෙස විශේෂඥයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදි.
මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ, රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රජය දැනටමත් පියවර රැසක් ගෙන ත්බෙන බවය.
මුහුදු කූඩැල්ලන් හා ජලඡ පැළෑටි විදේශ වෙළද පොලට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය සිදු කිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ලබා දීම හා පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.