කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ 4 වැනි ගුණානුස්මරණ උළෙලට සමගාමීව මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය දීඝවාපි පුදබිම වෙත වැඩම කරන ලදී. ඉන් අනතුරුව අද අලුයම දක්වා දීඝවාපි පරිශ්‍රයේ දී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා විශේෂ පුද පූජා පැවැත්විණි.
පැවති පිංකම අතරතුදී අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න සඳහන් කළේ, මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත රන් කරඬු අටක් තැන්පත් කල බවයි. ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව රජ මහා විහාර පරිශ්‍රය තුළ අංගසම්පූර්ණ විශ්‍රාම ශාලාවක් සහ දාන ශාලාවක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇති බව ද ආරක්ෂක ලේකම්වරය පැවසීය. තවද, බැතිමතුන් සඳහා අකර්ශනීය වටපිටාවක් විහාර භුමියේ නිර්මාණය කරමින් සල්, නා සහ ඇහැළ ගස් රෝපණය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, අම්පාර දිසාපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගී වුහ