ඊයේ පැවති (06) ඓතිහාසික දීඝවාපි මහා සෑ ගර්භය තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ මහෝත්සවයට ඒක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ 4 වැනි ගුණානුස්මරණ උළෙලට සමගාමීව මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය දීඝවාපි පුදබිම වෙත වැඩම කරන ලදී.
තවද, බැතිමතුන් සඳහා අකර්ශනීය වටපිටාවක් විහාර භුමියේ නිර්මාණය කරමින් සල්, නා සහ ඇහැළ ගස් රෝපණය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, අම්පාර දිසාපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගී වුහ.