සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ශෝකය පල කර ඇත.
ෆේස් බුක් පිටුවේ සටහන මෙසේ ය.
''2005 වසරේ සිට මේ දක්වා මහනුවර දළදා පෙරහැරෙහි සධාතුක කරඬුව තම කර මත වඩා හිඳුවමින් ගෞරවය පෙරදැරි මහත් අභිමානයෙන් වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාගේ නික්ම යාම අසා මම ඉමහත් සංවේගයට පත් වුණෙමි.
පුරා වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී සිටි හස්ති රාජයාණෙනි, දළදා මාලිගාවෙහි සධාතුක කරඬුව ගෞරවයෙන් වඩමවා සිදු කර ගත් උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!යි ප්‍රාර්ථනා කරමි''