මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් දැයේ කාන්තාවන් 600ක පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වෙයි.
කාන්තාවගේ ජීවනෝපාය සංවර්ධනය මූලික අරමුණ කොට මෙවර කාන්තා දින සැමරුම සංවිධාන කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. කාන්තාව හා ළමයා වෙනුවෙන් එක් දිනයක් වෙන්කළ නොහැකි බවත් දින 365 ම ඔවුන් වෙනුවෙන් වෙන් කළ යුතු බවත් පැවසූ අමාත්‍යවරයා කාන්තාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් අවශ්‍ය ඉලක්ක ළඟා කර ගත හැකි බව සඳහන් කළේය.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේදී ව්‍යාවසායික කාන්තාවන් 25 දෙනෙකු ඇගයීම හා කාන්තා ව්‍යවසායකත්ව ඊ පොළ දියත් කිරීම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශන හා අළෙවි පොළක් විවෘත කෙරෙන අතර අළෙවි කුටි 80කින් සමන්විත අළෙවි පොළෙහි දිවයින පුරා විසිරි සිටින දිරියෙන් නැගී සිටින ව්‍යාවසායක කාන්තාවන්ට නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව උදා වී තිබේ.
පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ‘අම්මාවරුනේ’ නමින් එදින පස්වරුවේ මව්ගුණ අගයමින් ගැයෙන ගීත ඇතුළත් වැඩසටහනක් සංවිධාන කර තිබේ.ත්‍රිවිධ හමුදාවේ සේවය නියුතු කාන්තා නිලධාරීනියන් 600 ක ට අධික පිරිසක් ඊට සහභාගී වෙති.
"අතිශයින්ම පිරිමින්ට පමණයි" වැඩසටහන මාර්තු 09 දින පස්වරුවේදී සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වෙයි. කාන්තාවගේ පෞද්ගලික ආරක්ෂාව පුරුෂයාගේ වගකීමක් බවත් පවුල් සංස්ථාව ගොඩනැගීම උදෙසා මෙහිදී ලබා දෙන දැනුවත්භාවය ඉතා ප්‍රයෝජනවත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක "දියණිය" වැඩසටහනින් ගැහැණු දරුවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා සපුරාලමින් සුවපත් දිවියක් උදෙසා සතුටින් සැහැල්ලුවෙන් සිටීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මේ වන විටත් පාසල් 300ක වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර තවත් පාසල් 500 මේ සඳහා තෝරා ගෙන ඇත.
කාන්තාවන් වෙනුවෙන් "Spare Time App" නමින් මෘදුකාංග යෙදුමක් හඳුන්වා දී තිබේ.එමඟින් කාන්තාවන්ට සිදුවන හිංසනයට විසඳුම් දීම, රැකියා අවස්ථා හඳුනා ගැනීම, ආර්ථික වශයෙන් කාන්තාවන් සන්නද්ධ කිරීම ආදී අවස්ථාවන් උදා කර ඇත.
සියලුම පළාත් ආවරණය වන පරිදි පුරා මාසයක කාලයක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. මේ සියලු වැඩසටහන් මසකට සීමා නොකොට වසර පුරාම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව කාත්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.