පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතියේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට සියලු කාන්තාවන්ට එක් වන ලෙස ආරාධනා කරමි

    මාර්තු 08, 2022

    තිහාසය පුරා මානව ප්‍රයත්නයන්හි සෑම ක්ෂේත්‍රයක ම, විශේෂයෙන් සමාජ සංවර්ධනයේ ගමන් මඟ තුළ කාන්තාව විසින් ලබා දුන් විශේෂ දායකත්වය අතිමහත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

     ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳනන් කර තිබේ.
    ''
    තිහාසය පුරා මානව ප්‍රයත්නයන්හි සෑම ක්ෂේත්‍රයක ම, විශේෂයෙන් සමාජ සංවර්ධනයේ ගමන් මඟ තුළ කාන්තාව විසින් ලබා දුන් විශේෂ දායකත්වය අතිමහත් ය. කාන්තා සවිබලගැන්වීමේ වැදගත්කම තහවුරු කරමින් භෞතික මෙන් ම මානව සංවර්ධන ඉලක්කයන් ද සාක්ෂාත් කර ගැනීම පිණිස කැප වන ලෙස, ජාත්‍යන්තර කාන්තා දිනය අප සැමට ආරාධනා කරන බව මම විශ්වාස කරමි.

    නවෝත්පාදනය, තාක්ෂණය හා මාධ්‍ය විසින් මෙහෙයවනු ලබන ගෝලීයකරණය හමුවේ සියලු අංශයන්හි කාන්තාවගේ භූමිකාව පුළුල් වෙමින් පවතී. කාන්තාව විසින් ඉටු කරන කාර්යභාරය ජාතික ආර්ථිකය, ප්‍රජාවන් හා පවුල ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, අප සමාජයේ බහුතරය කාන්තාවන් වුව ද, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල කාන්තාවගේ පූර්ණ සහභාගිත්වය සාපේක්ෂව අඩු බව පෙනී යයි.

    ශ්‍රී ලංකාව යනු සත්‍යය, සාධාරණත්වය හා සමානාත්මතාවය යන ගුණාංග මත පදනම් ව කාන්තාවන්ට ගරු කිරීමට ඇරයුම් කරන උතුම් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. කාන්තාවන්ගේ නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට ජාතියක් වශයෙන් කැප වී සිටීම අතිශයින් වැදගත් වේ.

    සියලු අවකාශයන්හි කාන්තාව මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, අප රට තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අප රජය විසින් පියවර ගෙන තිබීම පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙමි.

    “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් අභිමතාර්ථ සාධනය කර ගැනීම වෙනුවෙන් රජය කාන්තාවන් සවිබලගැන්වීම සඳහා තවදුරටත් කැප වෙමින් සිටියි. “රටකි, දැයකි, ලොවකි, ඇය” යන්න තේමාව කරගනිමින් පවත්වනු ලබන මෙවර කාන්තා දින සැමරුම වෙනුවෙන්, ජාතියේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට සියලු කාන්තාවන්හට තම උපරිමයෙන් දායක විය හැකි අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාහට ආරාධනා කරමි.''

     

     

     FB link- https://www.facebook.com/photo/?fbid=500543518105967&set=a.423241002502886

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya