අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
රටක් වශයෙන් ගත් කළ පාර්ලිමේන්තුව නියෝජනය වන්නේ මන්ත්‍රීවරියන් 13 දෙනෙකුගෙන් බවද, ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් මෙය 5%ක පමණ ඉතා අඩු ප්‍රතිශතයක් බවද පැවසූ අමාත්‍යවරයා, ලෝක ජනගහණයෙන් 49.5%ක් කාන්තාවන් බවද, මෙරට ජනගහණයෙන් 51%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවද ප්‍රකාශ කළේ ය.
මෙරට ආර්ථිකයට, අපනයනයට වැඩිම දායකත්වයක් දක්වන්නේ කාන්තාවන් බව කියා සිටි අමාත්‍යවරයා, ඇගලුම් ක්ෂේත්‍රය, තේ කර්මාන්තය, විදේශ ශ්‍රමිකයන්, සම්ප්‍රේෂණ ආදී සෑම ක්ෂේත්‍රයකම කාන්තාවෝ ඉදිරියෙන් සිටින බවද අවධාරණය කළේය.
රටක දර්ශක ලෙස ජයග්‍රහණයක් ලබා ඇති අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සෑම දර්ශකයකම කාන්තාව පෙරමුණේ සිටින බවද, වර්තමානයේ කාන්තා හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සෑම තැනකම මහා පරිමාණයෙන් පැතිරී ඇතැයිද, ගෙදර බුදුන් අම්මා යන හුදු වාක්‍යයෙන් එහාට ගොස් සංකේතාත්මක සැමරුමට වඩා අර්ථාන්විත සැමරුමකට කටයුතු කරන ලෙස මාධ්‍යයෙන් ද ඉල්ලීමට අමාත්‍යවරයා අමතක නොකළේය.
ප්‍රායෝගිකව අප සමාජයේ කාන්තාව කිසිදු ආකාරයක දෙවනි පන්තියේ හෝ තුන්වෙනි පන්තියේ පුරවැසියෙකු නොවන බවද,පිරිමින් හා සමානව සියලු අයිතිවාසිකම් සහිත, අපගේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන කණ්ඩායමක් බව තේරුම් ගනිමින් අද දින මෙම සැමරුම් සිදුකරන ලෙස ගෞරවයෙන් යෝජනා කරන බවද පැවසුවේය.