පසුගිය මහ කන්නයේ වී අස්වැන්න නෙලා ගත්තද එම අස්වැන්න තවමත් පාවිච්චි කර නොමැති බවත්, තවත් භාවිතයට ගන්නේ යල කන්නයේ වී අස්වැන්න බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රසායනික පොහොර වලින් ඉවත් විම අභියෝගයක් බවත් එහෙත් අභියෝගයට මුහුණ දෙමින් කටයුතු කරන බවද කීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිල මහතා යොමුකළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"මෙරට ගොවිජනතාව යල කන්නයේ හෙක්ටයාර් 5ක් සහ මහකන්නයේ හෙක්ටයාර් 8 වශයෙන් හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කරනවා. සාමාන්‍යෙයෙන් එක් හෙක්ටයාරයිකින් වී මෙට්ට්‍රික් ටොන් 4.5ක් නිෂ්පාදනය කරනවා.මෙරට මාසික හාල් පරිභෝජනය වී මෙට්ට්‍රික් ටොන් 195,000යි. අපට අවශ්‍ය හාල් ප්‍රමාණය මිලියන 2.4යි. සාමාන්‍ය මට්ටමට වගා කළද සහල් මෙට්ට්‍රික් ටොන් මිලියන 1ක අතිරික්කයක් අප සතුව පවතිනවා."
වී ගොවීන් සඳහා පමණක් පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් යොමු පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ,කාබනික පොහොර සහනාධාරය සෘජුවම බලපෑවේ වී වගාව සඳහා බැවින් වන්දි ලබා දීමේදී වී ගොවීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දුන් බවයි. එළවළු ගොවින් සඳහා ද පොහොර හිඟයක් පැවතුණද ඔවුන්ට මෙවර එළවළු සඳහා හොඳ මිලක් ලැබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද , එළවළු සඳහා යල කන්නය අවශ්‍ය පොහොර තොග තිබූ බවත්, තේ ඇතුළු වැවිලි ක්ෂේත්‍රය සඳහා පොහොර ආනයනය කිරීමට ඉඩ දී තිබූ බැවින් තේ සහ එළවළු සඳහා පොහොර සහනාධාරය ලබා දීම කෙරෙහි අවධානය යොමු නොවූ බවද කීය.