රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (මාර්තු 08) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, මෙරට සම්බන්ධයෙන් ස්ථාවරය හා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ, 14 000 වන අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට නිශ්චිත විසඳුමක් ලෙස යම් යාන්ත්‍රණයක් සකස් කර එය වේගවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, මානව හිමිකම් කවුන්සිලය තුළ ඒ සම්බන්ධයෙන්ද ඇගයීමක් තිබිය යුතු බවත්ය.
මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් අඳුරු වර්ණයෙන් දැකිය යුතු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ධනාත්මක දෘෂ්ඨියක් තමන් තුළ ඇති බවත්, එ.ජා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් තේරුම්ගනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.