පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ෂන්ටින්ග් රියදුරන් 133ක් සහ රියදුරු සහයකයින් 349 දෙනෙකු ඇතුළු තවත් පුරප්පාඩු රැසක් ඇති බවත් ඒ සඳහා පුහුණු සේවකයින් නොමැති වීම ගැටළුවක් වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සේවක බඳවා ගැනීම, උසස්වීම් හා සම්පත් කළමනාකරණය ඇතුළු පවතින සියලු ම ගැටලු සැළකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා උපදෙස් ලබා දුන් බවත් පුහුණු සේවකයින් බඳවා ගැනීමේදී පවතින ගැටලු ඉවත් කර ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව ලැබූ පිරිස් බඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය අවසරය ලබා දී ඇතැයිද කීය.
තවද පසුගිය සමයේ මෙරටට ගෙන් වූ දුම්රිය එන්ජින්වල, නියමිත ප්‍රමිතිය නොමැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද කීය.