පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රශ්න ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතුයි-සෞඛ්‍ය අමාත්‍ය

    මාර්තු 09, 2022

    උද්ඝෝෂණ වලින් වැඩ කළ නොහැකියි යන ප්‍රතිපත්තියේ තමා සිටින බවත්, ප්‍රශ්න ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    උද්ඝෝෂණ සිදු කිරීමේ දී ඇතැම් විට සීමාවන් පනින බවත්, සමහරවිට හිතේ අමාරුකම් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

    තරුණ ජවයත් සමග උද්ඝෝෂණ මගින් සිය ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරනවාට වඩා ඒ වෙනුවෙන් විකල්ප මාර්ග ගතහැකි බව ද අමාත්‍යවරයා පැවැසීය. සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන් සදහා එක්වෙමිනි.

    ඒ අනුව ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ මැදගොඩ කළුවාන දීඇල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පසුගියදා ආරම්භ කළ අතර, මෙම මාර්ගයේ සංවර්ධන ව්‍යාපෘති පිරිවැය මිලියන 89.6 කි. කිලෝමිටර් 4.5 ක දුරකින් යුතු මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු මාස 05 ක කාලයක් තුල අවසන් කිරිමට නියමිත අතර, කුඩා පාලම් සංවර්ධනය කිරීමේ රජයේ සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ මැදගොඩ කළුවාන ජම්බුගහමුල පාලමේ ඉදිකිරිම් වැඩකටයුතු ද මෙහිදී ආරම්භ විය. ඉතා කෙටි කාලයක් තුල අවම පිරිවැයකින් හා ඉංජිනේරුවරුන්ගේ තත්ත්ව සහතිකයන් යට‌තේ මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් මේ වනවිට දෛනිකව විවිධ වෘත්තීය කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු විසදීමට කටයුතු සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මේ රටේ සියයට 85 කට වඩා ග්‍රාමීය ජනතාවක් ජීවත් වෙනවා. රජයේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ බොහොම පැහැදිලිව සදහන් කර තිබෙනවා. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකව බ්ම් මට්ටමෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජය සකස් කර තිබෙනවා. මාර්ග පද්ධතියේ මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමට පියවර ගැනීමේ දී බොහෝ දෙනෙකු එය හාස්‍යයට ලක් කළා. නමුත් අපට ලෝක බැංකුවෙන් මාර්ග පද්ධතිය සංවර්ධනයට ඩොලර් මිලියන 500 ක මුදලක් ලබාගැනීමට හැකිව තිබෙනවා. ඒ් අනුව අද රට පුරා මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.”

    සම්ප්‍රධායානුකූලව මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් වුවත් ඉන් සියයට 50 ක් ක්‍රියාත්මක නොවී අවසානයේ මැතිවරණ ප්‍රකාශනයක් පමණක් වන බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා රජය මැතිවරණ ප්‍රකාශනය සැකසීමේ දී ඒ් පිළිබදව අවධානය යොමු කළ බවත්, රටෙහි මාර්ග පද්ධතිය විධිමත් ලෙසින් සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් බවද පැවැසිය.

    සෞඛ්‍ය අමාත්‍ය ඡ්‍යෙෂ්ඨ උපදේශක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනපති කහගල සීලානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර, තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්.ආර්.බී.සමරකෝන්, එහි වැඩබලන සභාපති උපාලි කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya