එවැනි විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කිරීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ (7) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම රාජ්‍ය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට සැලැසුම් කර තිබේ. මේ අතර මේ වන විට මෙරට විශ්ව විද්‍යාල 05 ක සම සෞඛ්‍ය පීඨ ලෙසින් මෙන්ම එක් විශ්ව විද්‍යාලයක හෙඳ පීඨය ලෙසින් හෙඳ උපාධි පාඨමාලා හැදෑරීමට විශ්ව විද්‍යාල 06 ක අවකාශ සැලසී තිබේ. එයට අමතරව මෙරට හෙද විදුහල් 17 ක් ක්‍රියාත්මක කරමින් ආධුනික හෙඳ හෙදියන් සඳහා පුහුණුව ලබාදීම සිදු කෙරේ.
යෝජිත හෙඳ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳව සකස් කෙරෙන කෙටුම්පත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මුරුත්තෙටටුවේ ආනන්ද නාහිමියන්ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද අල්විස් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.