අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ( 08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේ තමා ජනතා නියෝජිතයෙකු වශයෙන් එම ස්ථානයට ගිය බවද, එම අවස්ථාවේදීද තමා කියා සිටියේ ප්‍රහාරකයන් කවුද යැයි සෙවීමට පොලීසිය යම් ලෙසකින් අසමත් වන්නේ නම් එම ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවට ඒම වළක්වාගත නොහැකි බවයි.
එම ස්ථාවරය සම්බන්ධයෙන් කිසිදු පැකිළීමක් නැතැයිද, පොලීසියේ වගකීම වන්නේ කිසියම් අපරාධයක් සිදුවුණු පසු අපරාධයේ සුලමුල කුමක්ද යන්න සොයා බලා අපරාධකරුවන් කවුරුන්ද යන්න නිරුවත් කිරීම බවද ඔහු පැවසුවේය. එළඹෙන 14 වනදාට මෙම ප්‍රහාරයට මසක් සපිරෙන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.