රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඔස්සේ ක්‍රියාත්මක ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ මෙම උත්සවය පැවැත්විණි.
මෙම පාසල් දහය ජාතික පාසල් බවට පත්කිරීමේ නාම පුවරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එකවර නිරාවරණය කෙරිණි.
බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය, කැකිරාව විද්‍යාර්ථ මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය සහ වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය මෙලෙස ජාතික පාසල් පද්ධතියට එක්විය.
අලුතින් එක්වූ ජාතික පාසල් 10 සමඟ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 395 ක් දක්වා ඉහළ යනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්වරු අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ අදාළ පාසල්වල විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් ආමන්ත්‍රණය කළහ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.