ඊයේ (08)පැවති බුද්ධිමය දේපොළ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසිය.
රටක් වශයෙන් බුද්ධිමය දේපෙළ අතින් ශක්තිමත් භාවයක් නොමැති වුවහොත් නිදහස ගැනීමේද පදනමක් නොමැති බව පැවසූ චරිත හේරත් මහතා,මේ වන විටත් ඩිජිටල් අවකාශයක් රට තුළ නිර්මාණය වී තිබෙන බව පෙන්වා දුන්නේය.
ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ගම්වල තරුණ තරුණියන් ඩිජිටල් ලෝකයේ කරන්නට සූදානම් වන ව්‍යාපාර සඳහාඉඩ පහසුකම් ලබා දීම රජයක් වශයෙන් වගකීම බවද සඳහන් කළේය. .
එහිදී අදහස් දැක්වූ චරිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ;
"අපේ කොත්තු සඳහා පේටන් බලපත්‍රය තවමත් කිසිවෙක් ගෙන නැහැ. අපි හදපු කෑම වේලකට එම බලපත්‍රය ගන්නට බැරි ඇයි?අද කිසි විටෙක නීති දමා තොරතුරු වහන්නට හැකියාවක් නැහැ."