පළාත් පාසල් කිහිපයක් ජාතික පාසල් බවට පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම ලැබූ පලමු අවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ජාතික පාසල් දහසේ වැඩපිලිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. කොවිඩ් වසංගත සමයේ පාසල් වසා දැමීම සහ විභාග කල් දැමීමට සිදු වීම නිසා මෙම වැඩපිළිවෙළ තරමක් ප්‍රමාද වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ;
මෙම වැඩපිළිවෙල යටතේ 373ක් වන පාසල් 1000 දක්වා වැඩි කිරීමේ වැඩපිළිවෙල සකස් කර තිබෙන බවයි. පළාත් සභා සමග සාකච්ඡා කර විෂය ධාරාවන් අනුව ගුරුවරු ස්ථානගත කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බව ද මුදල් අමාත්‍යවරය මෙම පාසල් වල යටිතල පහසුකම් වැඩි කිරීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇතැයි ද කීය.
පසුගිය ජනවාරි 08 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියඹලාණ්ඩුව ජාතික පාසල සහ රක්වාන දෙමළ විද්‍යාලය ජාතික පාසල් බවට පත් කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ දී තවත් බාලිකා පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කර ඇත. ඒ අනුව මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා වැඩි වේ.