මෙම පනත කිසිසේත් තොරතුරු පනත අභිබවා නොයන බවද අමාත්‍යවරයා අවධාරණය කළ අමාත්‍යවරයා, මෙම පනත මාධ්‍යවේදින්ගේ නිදහස කප්පාදු වන පනතක් නොවන බවද පෙන්වා දුන්නේය.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පනත ඉදිරිපත් කරමින් අමාතය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, මෙම පනත යෝජනා වූ 2019 වසරේ සිට හත් වතාවක් මහජන අදහස් විමසීම සඳහා හත් වතාවක් ඉඩ ලබා දුන් බවයි. තවද විරෝධතාව සඳහා තවත් සති දෙකක ඉඩක් ලබා දුන්නද කිසිදු විරෝධතාවක් එල්ල නොවූ බව සඳහන් කළේය.
මෙම පනත සම්බන්ධයෙන් පැහැදිළි අවබෝධයක් හෝ උවමනාවක් විපක්ෂයට නැතැයි ද අමාත්‍යවරයා කීය. වසර එක හමාරක් තිස්සේ තම විරෝධතාවය පළ නොකර පනත විවාද වන දිනයේ තම විරෝධතාවය පළ කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම වැඩපිළිවෙළ මේ රටේ දැවන්ත ඩිජිටලයිස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත රාජ්‍ය සේවයම සහ Citizen Service ඩිජිටල්රණය කරන බවත් කී අමාත්‍යවරයා, බොහෝ රටවල මෙම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල සිදු කිරීමේ දි එම රටවල අණපණත් තුළ පැවැති දුර්වලතා නිසා යම් යම් ගැටළු උද්ගත වූ බව පෙන්වා දුන්නේය. එහෙත් රජය මෙම ගැටළු හඳුනාගනිමින් ඒ සඳහා මාස 30ක ඩිජිටල් කැම්පේන් සංවිධානය කළ බවද කීය. ඒ අනුව මෙම නීතිමය පසුබිම සකස් නොකර තාක්ෂණය හඳුන්වාදීමේ පළක් නොමැති බවද කීය.එමගින් එහි ප්‍රතිඵල මෙරට දරුවන්ට ලබා ගත නොහැකි වන බවද කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රධාන ඉලක්කයක් වනුයේ රට ඩිජිටල්කරණය කරා ගමන් කිරීම බවද පෙන්වා අමාත්‍යවරයා, දුන්නේය.මෙම වැඩපිළිවෙලවල සම්බන්ධයෙන් මීට පෙර පැවති රජයන් ද සාකච්ඡා කළ බවත් එහෙත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවූයේ ඒ සඳහා ඇති අණපනත් වල අඩුපාඩු පැවති නිසා බවද පෙන්වා දුන්නේය.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල මේ වන විටත් අධිකරණ අමාත්‍යවරයා ආරම්භ කර ඇතැයිද කීය. ගම්පහ මහ නගර සභාවේ ඩිජිටල් කරණ වැඩපිළිවෙල අද ආරම්භ කර ඇතැයිද කීය. තවද මේ රටේ පාසල් 10000 high speed internet වලින් සම්බන්ධ කිරීමට කටයුතු කරන බවද කීය. තවද ඊ තක්සලාව හරහා ඩේටා චාර්ජස් නැතුව දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසන බවද අමාත්‍යවරයා තම විවාද කතාව ආරම්භ කරමින් පැවසීය.