පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ඔසුසැලේ 51 වන ශාඛාව හෝමාගම ඇරඹේ

    මාර්තු 09, 2022

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ( SPC ) 51 වැනි ශාඛාව විවෘත කිරීම අද ( 09 ) හෝමාගම හයිලෙවල් පාර, අංක 130 A ස්ථානයේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා ඖෂධ නිෂ්පාදන සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සංකල්පයකට අනුව රාජ්‍ය ඔසුසැල් නිර්මාණය වී ඇති අතර එම ඔසුසැල් වලින් ජනතාවට ගුණාත්මක බැවින් ඉහල ඖෂධ අවම මිලකට ලබා දීම සිදු වෙයි.

    මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

    ජනාධිපතිතුමාගේ “ගමට ඔසුසැලක්” සංකල්පය යටතේ නව ඔසුසැල් 50ක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබෙනවා.ඉදිරි වසරක කාලයක් තුළදී දිවයිනේ ප්‍රධාන නගරවලට අමතරව උපනගර මුල් කර ගනිමින් එම ඔසුසැල් 50 ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා. පෞද්ගලික අංශයේ ෆාමසිවල මේ දිනවල ඖෂධ හිඟයක් තිබෙනවා. ඒක අද හෙටම විසඳන්නත්, ඒ සම්බන්ධයෙන් ඖෂධ සංගමය සමඟ සාකච්ඡා කර කටයුතු යොදා ගෙන යනවා.

    2015 වසරේ මෙරටට ගෙන ආ ඖෂධ පනත ප්‍රමාණවත් නෑ.ඉදිරියේදී එය සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. රාජ්‍ය ඔසුසැලේ බෙහෙත් පෙත්තකින් ලාභය තියෙන්නේ සතයක් දෙකක්. අනිත් මිල ගණන් එක්ක බලන කොට 1/3 ටත් අඩු මිලක්. එහෙම තියාගෙන තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ.

    බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් මේ අවස්ථාවේදී මෙරටට අවශ්‍ය කෑම ටික ගෙනත් දෙනවා. ඒ වගේම මම මෙරට ජනතාවට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙනවා.

    මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩබලන සභාපති වෛද්‍ය ඩී. එස්. සමරසිංහ ඇතුළු පිරිස සහාභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya