අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කරන ලද අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවාදයට එක්වෙමින් සිය අදහස් පළ කළහ.මෙම පනත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතකි. තවද “දත්ත
ආරක්ෂණ අධිකාරිය” නම් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම ද මෙමගින් සිදුවේ. අද පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වූ අතර පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්විය. ඉන් අනතුරුව පැවති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබද විවාදයෙන් අනතුරුව එහි කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම ප.ව 5.15 දක්වා පැවතිණි.
ඉන් අනතුරුව සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් යෝජනා කළ අතර ඒ අනුව එය ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමුකරන බව කථානායකවරයා නිවේදනය කළේය.
ප.ව 5.15 සිට 5.35 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් විය. ඒ අනුව මෙරට කිරි කර්මාන්තය නගා සිටුවීමට අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව කිරි ගොවීන් නගා සිටුවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මහතා විමසූ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කෑගලු දිස්ත්‍රික්කයේ ජනතාවට ඍජු බලපෑමක් එල්ල කරන, කැලණි ද්‍රෝණිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක ගංවතුර පාලනය සදහා යෝජනා වී ඇති ලෝක බැංකු ව්‍යාපෘතියේ වී ඔය සහ ඉහළ දැරණියගල උප ව්‍යාපෘති පිළිබද විමසූ අතර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තවරාසා කලයිඅරසන් මහතා විසින් කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව පූර්ණ ස්වාධීනත්වයකින් සහ සියලු පරිපාලන බලතලවලින් යුක්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට කඩිනමින් පියවර ගතයුතු බවට කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 6.05 දක්වා පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට (10) පෙ.ව 10.00 දක්වා කල් තැබීම සිදුවිය.