වතු වෘත්තීය සමිති අතර සාමූහිකත්වයක් නැතිකම නිසා අද පීඩා විඳින්නේ වතුකම්කරු ජනතාව බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ , (07) කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට වතු කම්කරුවන් කළ උද්ඝෝෂණයේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේ දී ය.
රුපියල් දහසේ වැටුප් වැඩි කිරීම සමග වතු හාම්පුතුන් වතු වතුකම්කරුවන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කරන බවත්,එ්වා නතර කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නා ලෙස සාකච්ඡාවට එක් වූ නියෝජිතයෝ ඉල්ලා සිටියහ .
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර විස්සකට ආසන්න කාලයක් වතු ක්ෂේත්‍රයේ කටයුතු සිදුකෙරුණේ සාමූහික ගිවිසුමක් යටතේ බවත්, නමුත් රුපියල් 1000 වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නයේ දී වෘත්තීය සමිති එම සාමූහික ගිවිසුමට ඇතුළත් නොවීම නිසා තමන්ට පඩිපාලක සභා මගින් එම රුපියල් දහසේ වැටුප වතු කම්කරු ජනතාවට ලබා දීමට සිදු වූ බවයි. එහෙත් රජය ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් වතු සමාගම් අධිකරණය ඉදිරියට ගොස් ඇති නිසා, ඒ පිළිබඳ අධිකරණ තීරණය ලැබෙන තුරු වතුකම්කරුවන්ට ආනුෂාංගික කිසිදු කාරණයක් සම්බන්ධව තමන්ට නව නීති පැනවීම හෝ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවය.
වතු කම්කරු ජනතාවගේ සුබ සිද්ධිය පතන වෘත්තිය සමිති, වතු කම්කරු ජනතාව වෙනුවෙන් එක මතයකට පැමිණිය යුතුව ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. වෘත්තීය සමිති අසමගි තාවය නිසා අද වතු කම්කරු ජනතාව බරපතළ පීඩාවට ලක්වී සිටින බව ද අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ පසු අධිකරණය ලබාදෙන එම රුපියල් දහසේ වැටුපට අදාළ තීන්දුව පෙරදැරිව වතු කම්කරු ජනතාවගේ යහපතට හේතුවන තීන්දු රැසක් ගැනීමට තමා සූදානමින් සිටින බව අමාත්‍යවරයා මෙහි දී පැමිණි වෘත්තිය සමිති නියෝජිතයන්ට නියෝජිතයන්ට පැවසීය.
රතු කොඩි සංගමයේ මේනහා කන්දසාමි මහත්මිය සහ ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ චමින්ද පෙරේරා මහතා ඇතුළු වූ වෘත්තී සමිති නියෝජිතයන් කිහිපදෙනකු අමාත්‍යරයා සමඟ මෙම සාකච්ඡාවට එක් වූහ.