සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම ජලජ ගුවන් තොටුපළ ස්ථාපිත කෙරෙන බව ද ඇමතිවරයා කියා සිටි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් (08) පැවති විශේෂ සාකච්ඡාවක දීයි. සංචාරක අමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ අපනයන කළාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු නිළධාරිහු සහභාගි වුහ.
දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් මෙරට සංචාරක කළාප ආශ්‍රිතව පිහිටා ඇති අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක් සංවර්ධනය කිරිමට හදුනාගෙන තිබේ. සීගිරිය, කොග්ගල, අම්පාර,
අනුරාධපුරය සහ හිගුරක්ගොඩ එම ගුවන් තොටුපළ 05යි. ප්‍රමුඛතා පදනම යටතේ මෙම ගුවන් තොටුපළ 05 සංවර්ධනය කිරිමට රජය සිය විශේෂ අවධානය යොමු කර ඇති අතර එය කඩිනම් කරන ලෙස ඇමතිවරයා මෙහි දි බළධාරින්ට උපදෙස් දුන්නේය.
සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් රැසක් ආකර්ෂණය කරගත් සංචාරක කළාපයකි. කොග්ගල අභ්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා ඇත්තේ තල්මසුන් නැරඹීමට ප්‍රසිද්ධ මිරිස්ස වෙරළ තීරය ආසන්නවයි. අම්පාර
අභ්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පිහිටීමත් අනුරාධපුර හා පොළොන්නරුව පැරණි රාජධානි කෙරෙහි ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සැලකිල්ලට ගනිමින් අනුරාධපුර හා හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරිමටත් සැලසුම් කර තිබේ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි වැඩි දුරටත් පෙන්වා දුන්නේ මඩකළපුව ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමෙන් ද නැගෙනහිර වෙරළ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට හැකිබවයි. ඒ පිළිබද ව ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. වසර 55 කට පසු රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම්
කර ඇති බව ද මෙහි දි අනාවරණය විය.
මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලනයේ පවති. සිගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, විරවිල හා
පුත්තලම එම ගුවන් තොටුපළ වේ. ඊට අමතරව ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම යටතේ රත්මලාන, යාපනය, මත්තල හා මඩකලපුව ගුවන් තොටුපළ ක්‍රියාත්මක අතර එම ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ද ක්‍රියාත්මකයි.