මාර්තු 08 ට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ පවත්වන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උළෙල සදහා විශේෂ ආයුර්වේද ප්‍රතිකාර සේවාවක් මාර්තු 08 සහ 09 යන දෙදින දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයක් මත පැවැත්වින.
මෙහිදී කාන්තා රෝග සම්බන්ධ උපදේශන සේවා හා ආයුර්වේද ප්‍රතිකාර සේවා, ආයුර්වේද රූපලාවන්‍ය සේවාවන් පිළිබද දැනුවත් කිරීම් හා ප්‍රතිකාර සේවාවන් ඇතුළු දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් රැසක් නොමිලේ ලබාදීම සිදුවිය
දැයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උළෙල කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වන අතර එයට සමගාමීව පවත්වන මෙම වෛද්‍ය සායනය සදහා එක්ව නිරෝගී දිවියකට මං සාදාගන්නා ලෙස දේශයේ සංවර්ධනයට උර දෙන කාන්තාවන්ට ආරාධනා කර සිටියි.