පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය කුමන්ත්‍රණය කර විනාශ කරනවා නම්,ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා,පුවත්පත් කර්තෘවරු ගෙන්වා සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
භාෂණයේ නිදහස සහ ප්‍රවෘත්ති පළ කිරීමේ නිදහස වැරදි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.
''මෙම ප්‍රවෘත්තිය සම්බන්ධව කණගාටු වෙනවා.මෙවැනි වැරදි ප්‍රවෘත්ති,පහුගිය වකවානුවේ පල කරලා,හිතාමතාම පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් අපහසුතාවට පත් කිරීමේ ව්‍යාපාරයක්, ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් ගැන නිරීක්ෂණය කර තිබෙනවා.ඒ ගැන ඉතාමත් ම කණගාටු වෙනවා, භාෂණයේ නිදහස,ප්‍රවෘත්ති පල කිරීමේ නිදහස වැරදි ලෙස භාවිතා කර මෙලෙස කටයුතු කිරිම ගැන.මේ සම්බන්ධව වාර්තාවක් කැඳවා,වරප්‍රසාද කමිටුවට යොමු කරලා,ගත හැකි පියවර කුනක් ද යන්න තමුන්නාන්සේලාට දන්වන්නම්. යැයි කතානායකවරයා පැවසීය''
දියර කිරි සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පිළිබඳව මෙම අඳහස් දැක්වීම සිදු විය