විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවට සිදු කළ චෝදනාවට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, මුදල් අමාත්‍යවරයා අයවැය ලේඛනය කතාව කිරීමෙන් පසු සහ අවසන් දින අයවැය ලේඛනය සම්මත කර ගැනීම දක්වා විටින් වට පාර්ලිමේන්තුවට පැමිණි බවයි. තවද මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන සෑම ප්‍රකාශයකටම , මුදල් අමාත්‍යවරයාගේ ඒකඟතාවයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිතුරු ලබා දී ඇතැයිද සභානායකවරයා පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍යවරයා සිදු කරන සෑම ප්‍රකාශයක් සම්බන්ධයෙන්ම මාධ්‍ය ඉදිරියේ විවාදය කර ඇතැයිද සභානායකවරයා පෙන්වා දුන්නේය. මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, විපක්ෂ නායකවරයා 27/2 යටතේ ආර්ථිකය සම්බන්ධයෙන් වරින් වර ඉදිරිපත් කරන සෑම ප්‍රශ්නයකට මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දි තිබෙන බවය.