රටේ පවතින බලශක්ති අර්බුදය සහ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජනතාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ ඇති වූ කොවිඩ් අර්බුදය සහ 2015 වසරේ පැවති රජය අත්තනෝමතික ලෙස සෛවරී බැඳුම්කර නිකුත් කිරීම පවතින ඩොලර් අර්බුදයට හේතු වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඊයේ සිට වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතයක් රටේ අනුගමනය කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආර්ථක තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරිම සඳහා සීමිත කාලයකට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ක් සඳහා ආනායනය සීමාකිරීමට රජය තීරණය කළ බවත් එය අද සිය ක්‍රියාත්මක බවද පැවසිය.
නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කිරීමට විවිධ ඉල්ලීම් ඇති වූ බවත් ඒ් අනුව මෙම තීරණයට එළඹි බව පෙන්වා දුන් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා , ආර්ථිකය කළමණාකරණය කිරීමට රජය ගන්නා මෙම තීන්දු තීරණ,කිසිසේත් රජයට හිතෛෂී කණ්ඩායම් සඳහා සහාය ලබා දීමක් නොවන බවද පෙන්වා දුන්නේය. අද වන විට බොහෝ විදේශ රටවල් ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා මෙවැනි නම්‍යශීලී විදේශ ප්‍රතිපත්ති අනුගමනය කරන බව පෙන්වා දුන්නේය.
ඊයේ දින සිට විදෙස් රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දිරි දීමනාවක් ලබාදීමට තීරණය කළ බවත් මේ සියලු තීන්දු තීරණ ගන්නේ මේ රටට විදේශ විනිමය ගලා ඒ්ම සඳහා ඇති බාධක ඉවත් කිරීමට බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට රජයක් වශයෙන් බැඳී සිටින බව පැවසූ අමාත්‍යවරයා,කොවිඩ් වසංගතය සහ යුක්රේන හා රුසියානු යුද්ධය නිසා ආර්ථිකයට විවිධ බලපෑම් ඇතිව තිබෙන බවද පෙන්වා දුන්නේය.
ලෝකය පුරා පැවති කොවිඩ් වසංගතය නිසා අද වන විට විශාල පිරිසකට විදෙස් රැකියා අහිමි වූ බවත් රජය විදේස් රටවල් සමග ද්වීපාර්ශවික සබඳතා ආරම්භ කරමින් එම පුද්ගලයින්ට නැවත විදේශ ගත වී රැකියා කිරීමට අවස්ථා උදාකරණ බවද පැවසීය.ඒ අනුව ඉදිරියේදී ලක්ෂ 2ත් 3ත් අතර ප්‍රමාණයකට විදේශ ගත වී රැකියාව කිරීමේ අවස්ථාව උදාකරන බවද අමාත්‍යවරයා කිය.