මෙම අවස්ථාවේ සුභ මොහොතින් ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් නිවාරණ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මැලේරියාව නැවත ස්ථාපිත කිරීම වැළැක්වීමේ සමාජ මෙහෙවර දියත් කිරීම සිදු කළාය.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ අද සමාජ මාධ්‍ය ඉතාමත් බලවත් බවත්, මැලේරියාව නිවාරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ “PROMIS Initiative” සමාජ මාධ්‍ය ව්‍යාපාරය අද ඇරඹි අතර එය ඉතාමත් වැදගත් පියවරක් බවයි. අපි නිදහස් සෞඛ්‍ය භුක්ති විදින රටක් බවද, අපිට හොද සෞඛ්‍ය සේවාවක් ඇති අතර එම සෞඛ්‍ය සේවාව හරහා අපි ලබාගත් ජයග්‍රහණ රාශියක් ඇති බවයි. වසංගතයක් වුණු අවස්ථාවේද, රෝග වැළැක්වීම සදහාද විහිදුණු හොද මහජන සෞඛ්‍ය පද්ධතියක් ඇති බවද, රෝගීන්ට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා සැදී පැහැදුණු හොද රෝහල් පද්ධතියක්ද, කිලෝ මීටර් 05ක් වැනි කෙටි දුරක් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි රෝහල්ද පවතින බව ඇය අවධාරණය කළේය.එමනිසා අප රටේ පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාවද ඉහළ ගොස් ඇතැයි ඇය කියා සිටියාය.
ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර තිබුණද විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මගින් රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවධානමක් පවතී. මෙම අවධානම හදුනාගනිමින් මැලේරියාව සහ එම රෝගය නිවාරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය දියත් කර ඇත.
මෙම අවස්ථාව සදහා මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මිය, ප්‍රවීණ කලාකරුවන් සහ වෛද්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.