පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහාය දෙනවා - ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති

    මාර්තු 10, 2022

     ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනපතිට කියයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එහි සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

    ‍අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී සත්සුගු අසකාවා මහතා මේ බව සඳහන් කළේය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇති බව ද සභාපතිවරයා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ලබාදී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750කි. මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා කියා සිටි.

    කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේ ය.

    හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමයි. මේ සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේය.

    ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිතුමා එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය දෙන බව පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක හරුතෝ තකිමුරා (Haruto Takimura), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), අධ්‍යක්ෂ ජනරාල් කෙනෙචි යෝකොයාමා (Kenichi  Yokoyama), ලේකම් මුහමඩ් ඒෂාන් ඛාන් (Muhammad Ehsan Khan), නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, බාහිර සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya