පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය බටහිර නාවික නෞකා සමූහයේ අණදෙන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

    මාර්තු 11, 2022

    ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) ( මාර්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    ඉන්දියානු නාවික හමුදා බටහිර නෞකා සමූහයේ ධජ නෞකාව වන Destroyer වර්ගයට අයත් ‘INS Chennai ’ නෞකාව සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ යුද නෞකාවක් වන ‘INS Teg’ යන නෞකා ද්විත්වය ( මාර්තු 10) දින කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙම නෞකාවන් සමඟ ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතා ද (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) දිවයිනට පැමිණෙන ලදී.

    මෙලෙස දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයේ අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එහිදී ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහඳ පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව ‍එම නිළ හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    තවද, මෙම නිළ හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් මහතා (Captain Vikas Sood) ද සහභාගී වී සිටින ලදී.

     මෙම ඉන්දියානු නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන සුහද නාවික අභ්‍යාසයකට ‍ මෙන්ම දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇති අතර, ‍මෙම නිළ සංචාරය නිමාකරමින් ‘INS Chennai සහ ‘INS Teg’ යන නෞකාවන් 2022 මාර්තු මස 12 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. මෙම නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya