පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    යෝජිත නව ඡන්ද ක්‍රමය උදෙසා, පසුගිය පුංචි ඡන්දයේ ප්‍රතිඵල අර්ථකථනය කරන්නැයි උපදෙස් - ඇමති දිනේෂ් ගුණවර්ධන

    මාර්තු 11, 2022

    යෝජිත නව ඡන්ද ක්‍රමය උදෙසා, පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා සියලු ප්‍රතිඵලවල සංඛ්‍යා ලේඛන අර්ථකථනය කරන ලෙස, නිලධාරීන්ට උපදෙස් දුන් බව, " මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ "සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    මෙම විශේෂ කාරක සභාව එම උපදෙස් ලබා දී ඇත්තේ (10 දින ) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීය.

     සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට 60% ක් සහ අනුපාතික ක්‍රමයට 40% ක් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමට එම විශේෂ කාරක සභාව 2022.02.24 දින රැස් වූ අවස්ථාවේ, එකඟතාවයක් ඇති කරගෙන තිබිණි.

    සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ විශේෂ කාරක සභාවට එහි සාමාජිකයන් වන නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා මෙන්ම කබීර් හෂීම්, අනුර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්දිරන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

    එමෙන්ම සීමා නිර්ණය කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම ආදි ආයතනවල නිලධාරීහුද ඊට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya