රටේ පවතින විදුලි හා බලශක්ති අර්බුදය පිළිබඳ සභාව කල් දැමීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ඉදිරියේ දී විදුලිබලය සම්බන්ධයෙන් නව අණපනත් ගෙනෙමින් පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලිබල පද්ධතියට එකතුකර ගැනීමේදී පවතින අඩුපාඩු හඳුනාගනිමින් එම පනත් සංශෝධනය් කර ශක්තිමත් විදුලිබල පදධතියක් ඇති කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
පසුගිය රජය විසින් විදුලිබල පද්ධතියට කිසිදු නව විදුලිබල ව්‍යාපෘතියක් එක් නොකළ බව පෙන්වා දුන් අමාත්‍යවරිය, රජය ආරම්භ කළ විදුලිබල ව්‍යාපාතිද අතරමඟ නවතා දැමූ බව පෙන්වා දුන්නාය. එසේ නව විදුලිබලාගාර විදුලිබල පද්ධතියට එක් නොවීම නිසා අද පවතින අවශ්‍යතාවයට විදුලි බලය සැපයීමේ දී ඉතා අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී ඇතැයිද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.