රටේ පවතින විදුලි සහ බලශක්ති අර්බුදය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ආමත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය සමයේ සිදු වූ අනතුරු සම්බන්ධයෙන් රජය කණගාටු වන බවත් ඒ සම්බන්ධ වන්දි ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද කීය. එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් රටට ගෙන එන සෑම භාණ්ඩයකම ප්‍රමිතිය පරීක්ෂා කර පමණක් රටට ඇතුළ් කර ගන්නා බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේදී වෙළඳපොල ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණාතාවයක් ඇති බවයි. රුපියල් තුන්සිය ගණනට තිබූ ගෑස් මෙට්ට්‍රික් ටොන් ඒකක මිල අද වන විට රුපියල් 900 අභිබවා ගොස් ඇති බවත් දශක තුනකට පසු ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වී ඇති බවද එම සත්‍ය තත්වය පිළිබඳ ජනතාවට පැවසිය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේ ය.