පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    දිවුලපිටිය පෝෂණ මන්දිරය ජනතා අයිතියට

    මාර්තු 12, 2022

    රුපියල් ලක්ෂ දහයක වියදමින් දිවුලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදිකළ පෝෂණ මන්දිරය ජනතා අයිතියට පත්කිරීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය අස්වැන්නවත්ත මහජන පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා (07) සිදුකෙරිණි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පිරිදි නිරෝගිමත් ජනතාවක් සපිරි දේශයක් බිහිකිරීමේ අරමුණෙන් බෝ වන සහ බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කිරීම උදෙසා වස විසෙන් තොර ඖෂධීය ගුණයෙන් යුතු දේශීය ආහාර ජනතාවට සමීප කරලීමේ වැඩපිළිවෙලක් ලෙස දිවයින පුරා පෝෂණ මන්දිර පිහිටවීමේ වැඩපිලිවෙලක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

    මෙම පෝෂණ මන්දිරය මගින් ඖෂධීය ගුණයෙන් පිරි කැද වර්ග, දේශීය ධාන්‍ය වර්ග, අල වර්ග සාම්ප්‍රදායික ආහාර ජනතාව වෙත සාධාරණ මිල ගණන් යටතේ ලබාදෙනු ලබන අතර ජනතාව ඒ සදහා නැඹුරු කරලීම තුළින් ප්‍රතිශක්තිය වර්ධනය කර රෝග නිවාරණය මෙම වැඩසටහන තුළින් සිදුවෙයි.

    මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya