පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ හිඟයක් ඇති වීමේ හැකියාවක් නෑ- ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 12, 2022

    ඖෂධ සඳහා ඉදිරි මාස 06කට ප්‍රමාණවත් ගබඩා රාජ්‍ය අංශය සතුව පවතින බවත් කිසිදු ආකාරයකට රට තුළ ඖෂධ හිගයක් ඇති වීමේ හැකියාවක් නොමැති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා (11) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

    ඖෂධ මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඖෂධ නියාමන අධිකාරියේ , පාලිත අබේකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඖෂධ මිල පාලන කමිටුව අද රැස් වූ බවත්, රටතුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ මිල 29%කින් ඉහල දැමීමට නිර්දේශ ඉදිරිපත් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. හිතුවක්කාරී ලෙස ඖෂධ මිල පාලනය කිරීමේ අයිතිය කිසිවකුට නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , ඖෂධ වල මිල පාලනය කිරීම සඳහා ඖෂධ ආනයනය කරන පුද්ගලයන්ට සහ ඔසුසැල් හිමියන්ට සහ වෙළෙන්දන්ට අවස්ථාව ලබා දී ඇති බවත් ඖෂධ මිල පාලනය රජය අතින් ගිලිහී ඇති බවටත් අසත්‍ය

    අද ඇතැම් ඔසු සැල් ආශ්‍රිතව ඖෂධ හිඟයක් ඇති වි ඇති බවත් එහෙත් එය කෘතිම හිගයක් බව පෙන්වා දුන්නේය. පෞද්ගලික අංශ සතුව තවත් මාස 04කට ඖෂධ තොග ඇති බවත් කිසිදු ඖෂධ හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ඩොලරයේ අගය ඉහළ යාමට සමානුපාතික ඖෂධ මිල ඉහළ යෑමේදී පිළිකා රෝගීන්, නිදන්ගත සහ වෙනත් ආබාධ වලින් පෙළෙන රෝගීන් වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කරන බවත් හිතුමතේ කිසිවකුට ඖෂධ මිල ඉහළ දැමීමට ඉඩ නොතබන බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya