පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා "වයස අවුරුදු 60 ඉක්මවා ඇති පුද්ගලයන් සමාජය තුළ සක්‍රීය පුද්ගයන් බවට පත් කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම" පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව පිළිබ ඳ විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පැවසුවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
"ඉතාම වැදගත් පෞද්ගලික යෝජනාවක් බුද්ධික පතිරණ මහතා ඉදිරිපත් කර තිබෙනවා. නිරෝගිමත් වැඩිහිටි ප්‍රජාවක් සකස් කර ඔවුන්ට ගෞරව කරන ක්‍රමයක් ඇති කරන්න එතුමා ඉදිරිපත් කර තිබුණා. ඉතා වැදගත් තාක්ෂණික කරුණු ද එමඟින් ඉදිරිපත් කර තිබුණා. ආසියානු රටක් විදියට වේගයෙන් මිලියන 3.8 ක් . මෙරට ජනගහනයෙන් සියයට 17 ක් වැඩිහිටියන් සිටිනවා. 2025 වන විට එය සියයට 25 දක්වා වැඩිවෙයි කියලා හිතනවා. ආයු අපේක්ෂාව වැඩි වෙලා තිබෙනවා. කාන්තා ආයු අපේක්ෂාව අවුරුදු 79 දක්වාත් පිරිමි ආයු අපේක්ෂාව අවුරුදු 72 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ලෝක බැංකුවේ මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියට ඇතුළත් වෙලා තිබෙනවා. වැඩිහිටියන් නිරෝගීමත්. ඒ නිසාම ඔවුන් හදුන්වන්නේ තරුණ වැඩිහිටියන් කියලා. "
මෙරට වැඩිහිටියන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යවරිය පැවසුවේ අද වනවිට වැඩිහිටියන්ගේ කායික මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.