පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    මිල්කෝ සමගම අක්කර 2000 ක තෘණ වගා කිරීම අරඹයි

    මාර්තු 14, 2022

    මිල්කෝ ආයතනය මඟින් අක්කර 2000 ක තෘණ වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

    උතුරු නැගෙනහිර ඇතුළු වියළි කලාපයේ ගව පට්ටි හිමියන් තමන්ගේ කිරි හරක් සඳහා තෘණ ආහාර හිඟය නිසා මේ වන විට අසරණ භාවයට පත්ව සිටී.

    එයට පිළියමක් ලෙස මීගොඩ, බටවෙලා ප්‍රදේශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය මඟින් ලංකාව පුරා සිටින ඉඩම් හිමි කිරි නිෂ්පාදන සාමාජිකයින්ට පැචෝන් වගා කිරීම සඳහා ආධාර සහ දඬු ලබා දෙයි. එයට අමතරව කිරිදෙනුන් නොමැති එහෙත් තෘණ වගා ක්ෂේත්‍රයට කැමති ව්‍යවසායකයින් සඳහා ද මෙම ආධාර හා දඬු ලබා දෙයි.

    මෙහි අස්වැන්න දින 90 කින් ලබා ගත හැකි අතර අක්කරයකින් කිලෝ 8000 ක පමණ අස්වැන්නක් ලබා ගත හැක. හිටවනු ලබන පළමු තෘණ දඬු කැබැල්ලෙන් වසරකට අට වතාවක් අස්වැන්න ලබා ගත හැක.

    එමෙන්ම මිල්කෝ සමාගම විසින් තෘණ අස්වැන්න කිලෝවක් රු.5/= වැනි මුදලකට මිලදී ගැනීමට බලපොරොත්තු වෙයි. ඒ අනුව තෘණ වගාකරුවෙකුට අක්කරයකින් රුපියල් 40000/= ක පමණ ශුද්ධ ලාභයක් ලබා ගත් හැකි වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya