ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණි. එහි පළමු අදියර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 422 ක් සඳහා අවශ්‍ය පරිගණක යන්ත්‍ර හා එයට අදාළ උපාංග බෙදා දීම සංකේතාත්මකව සිදු විය.
ඖෂධ ඇණවුම් කිරීම, නිකුත් කිරීම, ගබඩා කිරීම හා හදිසි අවස්ථාවවලදී රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීම විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම මෙහි මූලික අරමුණ වී ඇත. මෙම තොරතුරු පද්ධතිය ස්ථාපනය කිරීමේදී අවශ්‍ය ජාල සම්බන්ධතා පහසුකම් සැපයීම හා දත්ත ගබඩා පහසුකම් සැපයීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් සිදුකරනු ඇත.
මෙම අවස්ථාවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ,
දිවයිනේ සියලුම ඖෂධ ගබඩාවල මේ වන විට ඖෂධ පිරිලා තියෙනවා, නමුත් අපට අවශ්‍ය ඖෂධ ද මේ තියෙන්නේ, අවශ්‍ය ඖෂධ හඳුනාගෙන ද මේ ඇණවුම් කරලා තියෙන්නේ, මේක අද ඊයේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඈත අතීතයේ ඉඳලා තියෙන ප්‍රශ්නයක්, නිවැරදිව අවශ්‍ය ඖෂධ හඳුනා ගෙන අවශ්‍ය ප්‍රමාණයට ඇණවුම් කරලා නෑ. නිවැරදි දත්ත නොමැතිකමයි මේකට හේතු වෙලා තියෙන්නේ. මේක එක ආයතනයක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. නිවැරදි තොරතුරු, දත්ත නොමැතිකමයි තියෙන ප්‍රශ්නේ. වත්මන් ලෝකයට සරිලන ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕනී. එහෙම නොමැති වුණොත් දත්තත්, මුදලුත්, ඖෂධත් අපතේ යනවා. එය නවත්වන්න නම් අලුත් දත්ත පද්ධතියක් අවශ්‍ය යැයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාව සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, ලෝක බැංකු ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, අතිරේක ලේකම් වෛද්‍ය යූ. එස්. කේ. පනාපිටිය මහතා, පළාත් හා ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය. එම වැඩසටහනට ලංකාවේ සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු වෙත සූම් (Zoom) මෙවලම ඔස්සේ සජීව ලෙස සහභාගි වීමට ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අවස්ථාව උදා කර දී තිබිණ.