අමාත්‍යවරයා මේ බව පැවසූවේ , වර්තමානයේ ඇති වී ඇති තෙල් අර්බුදය සම්බන්ධයෙන් අද (14) බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි.
මේ මොහොත වන විට තෙල් ගැටළුව විසඳා ඇති බව පැවසූ අමාත්‍යවරයා ලංකාවේ සෑම තෙල් ගබඩාවකටම තෙල් සපයා තිබෙන බවත් කොළඹ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කයන්වල තෙල් සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැති බවද පැවසීය. ලංකාවට තෙල් ගෙන්වන විට නැව් පමාවීම සහ පැමිණි නැව් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම වැනි කාරණා හේතුවෙන් තෙල් බෙදා හැරීමේ යම් යම් පමාවීම් සිදුවූ බවත් ඒ හේතුවෙන් රටපුරා තෙල් හිඟයක් නිර්මාණය වූ බවත් ඉදිරියට එසේ තෙල් හිඟයක් ඇති නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. IOC සමාගම තෙල් මිල වැඩිකිරීමක් කළ බවත් ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව වැඩි වශයෙන් තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මඟින් තෙල් ලබා ගැනීමට පැමිණෙන බවද අමාත්‍යවරයා කීය.
මේ මොහොත වන විට දුර පළාත්වලට අවශ්‍ය තෙල් තොග පිටත් කර යවා ඇතැයි කී අමාත්‍යවරයා, මේ වන විට තෙල් තොගයක් ගොඩබාන බවත් ඉදිරියේදි තෙල් සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවද 20වෙනිදා වන විට අවශ්‍ය ඩීසල්,පෙට්‍රල්,භූමිතෙල් දැවිතෙල් සියල්ලම ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.