1985 වසරේ ආරම්භ කර ඇති මෙම විදුහල මගින් විශාල සිසුන් පිරිසක් බිහිකර ඇති අතර මෙම විදුහල 2019දී වසාදමා ඇත. සීප්පුකුලම පිහිටි ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය මගින් සත්ත්ව පාලනය පිළිබද වසර දෙකක පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් කළ සිසුන්ට දේශීය මෙන්ම විදේශීය පශු සම්පත් ක්ෂේත්‍රය තුළ ඉහළ ඉල්ලුමක් පවතී.
නව පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත පෙර පාඨමාලාවට නව විෂයන් එක් කරමින් වෘත්තීය පුහුණු අධිකාරියත් සමග එක් වෙමින් පුහුණුව නිම කළ සිසුන් වෙනුවෙන් NVQ 5 – 6 මට්ටමේ සහතිකයක් ලබාදීමට පියවර ගෙන ඇත. දේශීය මෙන්ම විදේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ රැකියා වෙළදපොළට තරුණයන් යොමුකිරීම මෙහි අරමුණකි